Monday, September 28, 2015

නාමල් ආයේ පිපුණාවේ - ක්ලැරන්ස් විජේවර්ධන | Namal aye pipunawe - Clarance Wijewardena



නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන්වීලා
කෙනෙක් සනසාලා
මගෙ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නාමල් ආයේ පිපුණාවේ

දුක සැප දෙක මගේ ජීවේ
දරන්නට ආවේ
ඔබයි සැනසූවේ
මගෙ ආදර සිහිනය වී
ඔබ‍ගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නාමල් ආයේ පිපුණාවේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ

Thursday, September 24, 2015

සඳ තරු මල් මට දන් දුන් | Sanda Tharu Mal - Athula Adikari





සඳ තරු මල් මට දන් දුන් 
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන් 
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

මල් පිට මල් | Mal Pita Mal - Amal Perera.




මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල්...

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල්...

මල් සිනා සලන්න මල් සිනා | Mal Sina Salanna Mal Sina Athma Liyanage





මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් 
ආදරෙන් බලන්න මා දිහා

මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ 
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ 
රෝස මල් වනේ //

මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් 
ආදරෙන් බලන්න මා දිහා

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා 
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා 
සිනාසලා //

මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා 
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් 
ආදරෙන් බලන්න මා දිහා

Samanaliya- Athma Liyanage Lyrics සමනලියා මනලොලියා


සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සලු පලදාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙද ගියේ

සූරුපී කුමාරී සිනාසී පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
යහනාවේ පාලු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා ...


දිනාලූ සරාගී සිනාවේ ඊයෙ හිත බැඳුනාදෝ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා  යහනාවේ පාලු මග හරවාලා


සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සලු පලදාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙද ගියේ