Thursday, September 24, 2015

සඳ තරු මල් මට දන් දුන් | Sanda Tharu Mal - Athula Adikari





සඳ තරු මල් මට දන් දුන් 
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන් 
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

සඳ තරු මල්...

No comments:

Post a Comment